“පියවර” තම 57 වැනි පෙර පාසල සඳහා මුල්ගල් තබයි

22 Jun, 2020

අම්පාර දිස්ත්‍රික්කයේ උහන, තිස්සපුර දුෂ්කර ගම්මානයේ දරුවන්ගේ තිරසාර අනාගතයකට මුල්ගල් තබමින්, හේමාස් පියවර තම 57 වැනි පෙර පාසල ඉදිකිරීමේ කටයුතු අරඹයි. අම්පාර අතිරේක දිසාපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා රාජ්‍ය නිළධාරීන්, ගුරුවරියන්, දෙමාපියන් ඇතුළු ප්‍රදේශවාසින් පිරිසක් සහභාගී විය. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය ජර්මනියේ Reiner Meutsch Stiftung FLY & HELP ආයතනය විසිනි.

දරුවෙකුගේ ජිවිතයේ මුලික පදනම සකස් වෙන මුල් ළමාවිය සංවර්ධනය රටේ ජාතික අවශ්‍යතාවයක් බවට පත් වී තිබෙන මෙවන් යුගයක, හේමාස් අවුට් රිච් පදනම විසින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය හා එක්ව දිවයිනේ අති දුෂ්කර ගම්මානයන් ඉලක්ක කර ගනිමින්, මුල් ළමාවිය සංවර්ධනය අරමුණු කර ගනිමින්, රජයේ ප්‍රමිතීන්ට අනුකුලව පෙර පාසල් ඉදි කිරීම 2002 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබයි.