හේමාස් 50 වැනි පියවර පෙරපාසල විවෘත කිරීම

19 Jan, 2019

හේමාස් තම 50 වැනි පියවර පෙරපාසල පසුගිය දා අනුරාධපුර සියඹලාව ග්‍රාමයේ දී විවෘත කරන ලදී. “පියවර” යනු හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය හා එක්ව ශ්‍රී ලංකාවේ අති දුෂ්කර ගම්මානයන්හි දරුවන් ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් දියත් කර ඇති තිරසාරාත්මක පෙර පාසල් ව්‍යාපෘතියකි.අද වන විට ළමුන් 3500 කට වැඩි ප්‍රමාණයක් මෙම පියවර පෙරපාසල් වලින් පෝෂණය වන්නේ 150 කට වඩා වැඩි ගුරුවරියන් පිරිසකගේ සෙනෙහස ලබමිනි.

මෙම ජාතික කර්තව්‍ය යටතේ උතුරු ප්‍රදේශයන්හි යුද්ධයෙන් අවතැන්වූ දරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදි කරන ලද පියවර පෙර පාසල් ඉදි කිරීම සඳහා පූර්ණ ශ්‍රම දායකත්වය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසිනි.

CLICK HERE TO WATCH THE VIDEO